ඔබත් පාසල් ලේඛකයෙකු හෝ පාසල් ලේඛිකාවක් වන්නට සූදානම් ද?

ඔබටත් දැන් කෙටි කතා රචනා කරනා පාසල් සිසුවෙක්, සිසුවියක් ලෙස තමන්ගේ කෙටි කතාව මුළු ශ්‍රී ලංකාවටම කියවිය හැකි පරිදි ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. දක්ෂ කෙටි කතා රචකයෙකු හෝ රචිකාවියක වන්න. ඔබ ලියනා කෙටි කතාව සියලූම පාසල් වල සිසු සිසුවියන්ට පාසල.lk හරහා කියවන්න දෙන්න...

කෙටි කතාව ලියා පාසල.lk වෙතට එවිය යුත්තේ කෙසේ ද?

ඔබේ කෙටි කතාව පාසල.lk වෙබ් අඩවියට whatsapp පණිවිඩයක් ලෙසට හෝ ඊ මේල් පණිවිඩයක් ලෙසට යොමු කල හැක. ඔබ ඊ මේල් පණිවිඩයක් ලෙසට යොමු කලහොත් ඒ බව whatsapp පණිවිඩයකින් දැනුම් දෙන්න.

WhatsApp කල යුතු අංකය කුමක් ද?

0777 38 10 47

ඊ මේල් කරනවා නම් ඊ මේල් කල යුතු ලිපිනය කුමක් ද?

www.pasala.lk@gmail.com

WhatsApp කිරීමේ දී එවිය යුත්තේ කෙසේ ද?

ඔව්. ඔබ ලියනා කෙටි කතාව සිංහලෙන් යුනිකෝඩ් භාවිතා කර type කර එය PDF ෆයිල් එකක් බවට පත කර whatsapp කරන්න. ඔබ PDF ලේඛනයක් බවට පරිවර්තනය කිරීමට දන්නේ නැතිනම් ඔබට එය MS Word ලේඛනයක් ලෙස ලබා දිය යුතුය. අප විසින් පිළිගනු ලබන්නේ PDF හෝ MS Word ලේඛන පමණි.

ලේඛනය පෙළ ගැස්විය යුත්තේ කෙසේ ද?

ඔබේ ලේඛනය පහත පරිදි පෙළ ගැස්විය යුතුය:

  1. මුල් පි‍ටුව : මෙහි ඔබේ කෙටි කතාවේ නම, ඔබේ නම නිවැරදිව සඳහන් කරන්න.
  2. පිදුම: ඔබේ කෙටි කතාව ඔබ මූලිකව පුද කරන්නේ කාටද යන්න නිර්මාණාත්මකව සඳහන් කරන්න.
  3. ප‍ටුන: ඔබ ප‍ටුනක් සකස් කරනවා නම් එය සඳහන් කල හැක. ප‍ටුන අත්‍යවශ්‍ය නොවේ.
  4. කෙටි කතාව.
  5. අවසාන පි‍ටුව : අවසාන පි‍ටුවේ අවසානයට '~නිමි~' ලෙස සඳහන් කරන්න.

මීට අමතරව කෙටි කතාව යොමු කිරීමේ දී සඳහන් කල යුතු දේවල් මොනවා ද?

  • නම:
  • පාසල:
  • ශ්‍රේණිය: