Additional information
Weight | 0.5 kg |
---|
රු2,990.00
පාඨමාලාව පිළිබඳව
කාර්යාලීය කටයුතු, අධ්‍යාපන කටයුතු සඳහා පමණක් නොව පරිගණක ආශ්‍රිතව කටයුතු කරන ඔබ සියලුම දෙනා අනිවාර්යයෙන්ම දැනගතයුතුම වැඩසටහනක් ලෙස Microsoft Word මෘදුකාංගය හඳුන්වා දීමට පුලුවනි.
ලිපි සැකසීමේ කාර්යය සඳහා විශේෂයෙන්ම හඳුන්වාදී ඇති මෙම මෘදුකාංගය Microsoft සමාගම විසින් Microsoft Office පැකේජයට ඇතුලත්ව ලබාදී ඇත.
අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Microsoft Word භාවිතයෙන් ලිපි ලේඛන ආදිය සකස්කරන ආකාරය මුල සිට, ඕනෑම වයස් මට්ටමක පුද්ගලයකු හට ඉතා පහසුවෙන් අධ්‍යනය කිරීමට පුලුවනි.
Microsoft Word භාවිතයෙන් අලුතින් ලේඛනයක් සකස්කිරීමට ආරම්භ කරන අවස්ථාවේ සිට ඔබගේ ලේඛනයට අකුරු සහ ඉලක්කම් ඇතුලත් කිරීම, පින්තූර ඇතුලත් කිරීම, විවිධ හැඩතල ඇතුලත් කිරීම, වගු සහ ප්‍රස්ථාර ඇතුලත් කිරීම ආදිය පමණක් නොව ඉන් ඔබ්බට මෘදුකාංගයෙහි ඇතුලත් වන සියලූම විධික්‍රම සහ විධානයන් භාවිතා කරන ආකාරය සහ අවසානයෙහි අවශ්‍ය පරිදි මුද්‍රන පිටපත් ලබාගන්නා ආකාරය දක්වා වන සියලුම කරුණු මෙමෙඟින් ඔබට අධ්‍යනය කිරීමට පුළුවනි.
පාඨමාලාවෙහි ඇතුලත් වන සියලුම පාඩම් සරල සිංහල මාධ්‍යයෙන් ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් ඉදිරිපත් වන අතර පාඨමාලව අවසානයෙහි Microsoft Word භාවිතයෙහි ප්‍රවීනයකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
Weight | 0.5 kg |
---|