පාසල වෙබ් අඩවියට සම්බන්ද වී පාඩම් අධ්‍යයනය පියවර 3 කින් සිදු වේ. ඒවා මෙසේය:

 

  1. වෙබ් අඩවියේ ලියාපදිංචි වීම
  2. වෙබ් අඩවියට ලොග් වීම
  3. පාඩම් හෝ පන්තිය මිලදී ගැනීම හා අධ්‍යයනය කිරීම

1. වෙබ් අඩවියේ ලියාපදිංචි වීම

වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට පහත 'Register' ලෙස දක්වා ඇති බොත්තම ඔබන්න.

2. වෙබ් අඩවියට ලොග් වීම

වෙබ් අඩවියේ ලියාපදිංචි වූ පසු ඔබ වෙබ් අඩවියට ලොග් විය යුතුය. ඒ සඳහා,

ඔබ භාවිතා කරන්නේ පරිගණකයක් නම්, ඔබට පාසල වෙබ් අඩවියේ ඉහළ දකුණු පස ඇති LOGIN යන වචනය උඩ ක්ලික් කරන්න. එවිට ඔබට දිස් වෙන පෝර්මයේ ඔබේ ඊ මේල් ලිපිනය සහ ලියාපදිංචියේ දී ලබා දුන් මුර පදය ඇතුළත් කිරීමෙන් පාසල වෙබ් අඩවියට ලොග් විය හැක.

ඔබ භාවිතා කරන්නේ ස්මාර්ට් දුරකථනයක් නම්, වෙබ් අඩවියේ ඉහළින් පෙන්වන ඉරි තුන මත ක්ලික් කරන්න. එවිට දිස් වෙන මෙනුවේ ඇති Login වචනය මත ක්ලික් කිරීමෙන් පාසල වෙබ් අඩවියට ලොග් විය හැක.

3. පාඩම් මාලාව මිලදී ගැනීම සඳහා උපදෙස්

පාසල වෙබ් අඩවියට ලොග් වූ පසු ඔබ පළමුව පාඩම් මාලාව මිල දී ගත යුතු වේ. ඒ සඳහා ඔබ ප්‍රථමයෙන් වෙබ් අඩවියේ ඇති 'පාඩම් සඳහා මෙතනින් ඇතුල්වන්න' මත ක්ලික් කරන්න. ඉන් අනතුරුව ඔබට දිස්වෙන වෙබ් පිටුවේ ඇති 'BUY THIS COURSE' යන බොත්තම මත ක්ලික් කරන්න.එවිට ඔබට මුදලට අදාලව රිසිට් පතක් දිස් වනු ඇත. එහි පහළින් ඔබට ගෙවීම් සිදු කල හැකි ආකාර දිස්වේ.

ඔබට ගෙවීම් ක්‍රම කීපයක් අතරින් පහසු ක්‍රමයකට ගෙවීම සිදු කල හැක.

ඔබේ ගෙවීම් , eZ Cash, ණය පත් (Credit card) හෝ සම්පත් බැංකු හරහා ස්වයංක්‍රීයව සිදු කල හැක.

එසේ නොමැති නම් ඔබගේ ගෙවීම ඕනෑම සම්පත් බැංකු ශාඛාවකට හෝ කාගීල්ස් ෆුඩ් සිටි ශාඛාවකට සිදු කල හැක.

මේ අතරින් ඔබ ගෙවීම සිදු කිරීමට කැමති ආකාරය තෝරාගන්න. ඔබ ස්වයංක්‍රීය ක්‍රමවෙදයක් තෝරාගත්තේ නම් ඉන් අනතුරුව ඔබව ඊට අදාල විස්තර ලබා ගැනීමේ පිටුව වෙත යොමු කරනු ඇත. ඔබෙන් ඉල්ලා සිටිනා විස්තර ලබා දීමට කාරුණික වන්න.

ඔබ සම්පත් බැංකුවට හෝ කාගීල්ස් ෆුඩ් සිටි වෙත ගෙවීම් සිදු කිරීමට තෝරා ගතහොත් ඔබට එම ගෙවීම් සිදු කල යුතු ගිණුම් අංක දිස් වනු ඇත. එම ගිණුම් අංකයට ඔබේ ගෙවීම් සිදු කර ඔබට ලැබෙන රිසිට් පතේ ඡායා රූපයක් අපගේ වට්ස් ඇප් අංකය වන 0777381047 වෙත යොමු කරන්න.