2021 වර්ෂය සඳහා පාසල.lk (www.pasala.lk) විසින් පවත්වන දීප ව්‍යාප්ත රචනා තරඟයට ඔබව ඉතාමත් ආදරයෙන් පිළිගන්නව. ආදරණීය දූල පුතාල මේ තරඟයට ලස්සන රචනා 2500 කට වඩා ලියා අප වෙත එවීම අපිට ඉතාමත් සතුටට කාරණයක්. අපේ රටේ රත්තරන් දූල පුතාලගේ ලිවීමේ හැකියාව ඉතාමත් හොඳ තත්වයේ පැවතීම මේ රටේ වාසනාවක්. ඔයාල ඒ අතින් ගොඩක් දක්ෂ දරුවො පිරිසක්.

ආදරණීය දුවේ පුතේ මේ තරඟයට ඔබ විසින් අපට එවන ලද රචනාවේ අත් පිටපත අපට ලැබී ඇත. මෙම රචනා තරඟයේ එක අරමුණක් වූයේ හොඳම රචනා තේරීම. නමුත් ඊටත් වඩා වැදගත් අරමුණක් අපිට තිබේ. එය නම්, රචනා තරඟෙන් දිනන්න පුළුවන් වන්නේ එක්කෙනෙක්ට උනාට අපේ රටේ දූල පුතාල ඔක්කොම දක්ෂ නිසා අපේ රටේ දූල පුතාලගේ දක්ෂකම් අනිත් අයට පෙන්නන්න අවස්ථාවක් සලසා දීම. ඒක නිසා අපි තීරණය කලා දූල පුතාල ලියල එවන රචනා සියල්ලම අපේ වෙබ් අඩවියේ නොමිලේ ඵල කරන්න. එතකොට දූල පුතාලගෙ රචනා ලංකාවෙ අයට විතරක් නෙමෙයි, මුළු ලෝකෙම ඉන්න අයට බලන්න පුළුවන්.

මුලදී අපේ බලාපොරොත්තුව වූයේ ඔයාල එවන රචනා අපේ කාර්යමණ්ඩලය විසින් පරිගණක අනුසාරයෙන් නිර්මාණය කර වෙබ් අඩවියට එකතු කරන්න. නමුත් අපිට ලැබී තිබෙනා රචනා ප්‍රමාණය ඉතාමත් විශාල නිසා අපිට ඒක කරන්න ටිකක් අපහසුයි. එම නිසා අපි ඔබට මේ සඳහා යොජනා කරනව ඔබේ රචනාව පරිගණකයක් ඇසුරෙන් යතුරු ලියන (type setting) කරල අපිට එවන්න. එහෙම යතුරු ලියන කරද්දි මතක් කරල සිංහල යුනිකෝඩ් (Sinhala Unicode) වලින් යතුරු ලියනය (type setting) කරන්න. යුනිකෝඩ් වලින් යතුරු ලියනය කරද්දි භාවිතා වෙන්නෙ 'ඉස්කෝල පොත' කියන අකුරු. ඒක නිසා මතක් කරල 'ඉස්කෝල පොත' (Iskoola Potha) කියන අකුරු වලින් විතරක් යතුරු ලියනය කරන්න. නැත්නම් ඔබේ රචනය වෙබ් එකේ පළ කරන්න අපහසුයි. ඔයාල යුනිකෝඩ් වලින් යතුරු ලියනය කරන එක ගැන විස්තර දන්නෙ නැතිනම් වැඩිහිටියෙක්ගෙන් අහන්න. එයාල විස්තර කියල දේවි.

ඒ වගේමයි ඔයාලට ස්මාර්ට් දුරකතනයක් භාවිතා කරලත් ඔයාලගෙ රචනාව ටයිප් කරන්න පුළුවන්. එහෙම ටයිප් කරත් අපේ ඊ මේල් ලිපිනයට පමණක් යොමු කරන්න.

ඒ වගේම දුවේ පුතේ ඔයාල මේ දේ කරද්දි සැලකිලිමත් විය යුතු තවත් දෙයක් තියෙනව. ඒ දේ තමයි මේ දවස් වල අපේ රටේ දරුණුව පැතිරී යන කොවිඩ් රෝගය නිසා ඔයාල මේ රචනාව යතුරු ලියනය කරන්න ගෙදරින් පිටට යන්න එපා. ඔයාලගේ ගෙදර පරිගණකයක් තියෙනවනම් ඒකෙන් යතුරු ලියනය කරන්න. ගෙදර පරිගණකයක් නැතිනම් ගෙදරින් පිටට ගිහින් යතුරු ලියනය කරන්න එපා. ගෙදර පරිගණකයක් නැති අයට අපි තව ඕන තරම් කල් දෙන්නම්. ගෙදර පරිගණකයක් නැතිනම් ඔයාල මේ කොවිඩ් වසංගතය අවසන් වුනාම රචනාව යතුරු ලියනය කරල අපිට ලැබෙන්න සලස්වන්න. ගෙදර පරිගණකයක් නැති දූල පුතාලගෙ රචනා අපට ලැබෙන්න ප්‍රමාද උනාට කිසිම ගැටලුවක් නෑ. සිදුවිය යුතු වැදගත්ම දේ තමයි ඔයාල කොවිඩ් වසංගතය අවසන් වන තෙක් ගෙදරටම වෙලා ඉන්න එක. හොඳින් මතක තියාගන්න දුවේ පුතේ රචනා තරඟෙට වඩා ගොඩක්ම වැදගත් දේ තමයි ඔයාල කොවිඩ් වසංගතයට ගොදුරු නොවී ඉන්න එක. ඔයාලගෙ අම්මල තාත්තල සහ පවුලේ අනෙක් සියලු දෙනාත් කොවිඩ් වසංගතයට ගොදුරු නොවී ආරක්ෂා කරගන්න එක ඔයාලගෙ වගකීම. ඒක නිසා ගෙදර පරිගණකයක් නෑ කියලා අම්මල තාත්තලට කරදර කරන්න එපා එළියට ගිහින් රචනාව යතුරු ලියනය කරන්න කියල. ඔයාල මේ රචනාව සම්බන්ද දෙයකට නිවසෙන් පිටට ගිහින් කොවිඩ් රෝගය වැළඳුනොත් අපිට ඒකෙ වගකීම දරන්න කිසිසේත්ම හැකියාවක් නැත.

ගෙදර පරිගණකයක් තියෙන දූල පුතාලට පුළුවන් ජූනි මස 4 වෙනුදට පෙර යතුරු ලියනය කරන ලද රචනාව අපගේ විද්‍යුත් ලිපිනට වන www.pasala.lk@gmail.com ලිපිනයට එවන්න. හොඳින් මතක තියාගන්න මේ වතාවෙ දි අපි WhatsApp හරහා රචනාව භාර ගන්නේ නෑ. අපි භාරගන්නෙ ඊ මේල් ලිපිනයට එවන රචනා පමණයි. නිවසේ පරිගණකයක් නොමැති දූල පුතාලගෙ රචනා කොවිඩ් වසංගතය අවසන් උනාට පසුව හැකි ඉක්මණින් අපට ලැබීමට සලස්වන්න. හැමෝගෙම රචනා අපට ලැබුණම අපි තරඟයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කරන්න සූදානම්ව සිටින්නේ.

රචනාව යතුරු ලියනය කිරීමේදී එහි අවසානයට ඔබගේ පහත තොරතුරු සඳහන් කරන්න.

නම:
පාසල:
ශ්‍රේණිය:
ලිපිනය:

තරඟයේ මීලඟ පියවර සඳහා අපිට දූල පුතාලගෙ විස්තර අවශ‍යයි. එම නිසා පහත දක්වා ඇති පෝරමය පුරවන්න අමතක කරන්න එපා. ගෙදර පරිගණකයක් නොමැති දූල පුතාලත් ස්මාර්ට් දුරකථනයෙන් මෙම විස්තර පුරවන්න. විස්තර මේ පෝරමය හරහා අපිට ලැබීම අපගේ ඉදිරි කටයුතු වලට ප්‍රයෝජනවත්. 

තරඟයේ ජයග්‍රාහකයන් තෝරන්න පුළුවන් වෙන්නෙ එක් අයෙක් පමණක් වුවත් මෙම තරඟයට සහභාගී වූ සියලූම දෙනාට අධ්‍යාපනයට සම්බන්ද මෘදුකාංගයක් නොමිලේ ලබා දෙන්න 'www.mymaster.lk' වෙබ් අඩවිය තීරණය කරල තියෙනව. දූල පුතාලට ඒ ත්‍යාගය ලබා ගන්න පුළුවන් ක්‍රමවේදය අපි ඉදිරියේ දී අපේ You Tube නාලිකාව හා  Face Book පිටුව හරහා දැනුම් දෙනව. එම නිසා ඔයාල අපේ You Tube නාලිකාව හා FaceBook පිටුව ට එකතු වෙන්න.

ඒ වගේමයි මේ රචනාව හා තවත් තරඟ විස්තර අපේ You Tube නාලිකාව හරහාත් ඔයාලට ලබාගන්න පුළුවන්. ඒ නිසා මතක ඇතිව අපගේ You Tube නාලිකාව subscribe කරන්න. Subscribe කරානම් ඉදිරි ත්‍යාග ලබා දෙන ආකාරය පිළිබඳව විස්තර ඔයාලට ඉදිරියේ දී අපේ You Tube නාලිකාවෙන් ලබා ගන්න පුළුවන්.

දූල පුතාල මේ තරඟාවලියට සහභාගී වීම නිසා දූල පුතාල ඉගෙන ගන්න පාසලටත් උදව් කරන්න අපි සූදානම්. අපි දූල පුතාල හැමෝගෙම පාසලට සුවිශේෂී ත්‍යාග ලබා දීමට සූදානම් කරල තියෙන්නෙ. ඒ ගැන විස්තරත් ඉදිරියේ දී අපේ You Tube නාලිකාවෙන් හා Facebook පිටුවෙන් දන්වනව.

රචනා 2500 කටත් වඩා වැඩි ප්‍රමාණයක් ලැබිල තිබෙන නිසා ජයග්‍රාහකයින් තේරීම මාස 3කට වඩා ප්‍රමාද වෙන්න පුළුවන්.

එහෙත් අපට රචනා යතුරු ලියනට කර ලැබෙනා පිළිවෙලට පාසල.lk වෙබ් අඩවියේ පල කරනා අතර සියලූම දෙනාගේ රචනා ඵල කිරීම අපගේ අරමුණයි. රචනා 2500 කට අදික සංඛ්‍යාවක් ඇති නිසා එය වෙබ් අඩවියේ ඵල කිරීම ද කාලය අවශ්‍ය ක්‍රියාවලියක් බව කරුණාවෙන් සලකන්න.

එසේම මේ සම්බන්ධව WhatsApp හරහා නොයෙකුත් ප්‍රශ්න යොමු නොකරන ලෙසත් අපගේ You Tube නාලිකාව හා Facebook පි‍ටුව හරහා අප විසින් ඔබට ඉදිරි තොරතුරු ලබා දෙන බවත් කරුණාවෙන් සලකන්න.

පාසල.lk මඟින් ඔබ වෙත ගෙන එන WhatsApp News Alert සේවාව සමඟ නොමිලේ සම්බන්ධ වීමෙන් මෙම රචනා තරඟාවලියේ ඉදිරි තොරතුරු මෙන්ම ශ්‍රී ලංකාවේ පාසල් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලූම තොරතුරු නොමීලි ඔබේ දුරකථනයට ගෙන්වා ගත හැක.

සාරාංශය :

  • තරඟයට ඉදිරිපත් වී ඇති රචනා ප්‍රමාණය ඉතා ඉහළ නිසා ඔබ විසින් ලියන ලද රචනයේ ඡායා රූප හරහා ජයග්‍රාහයකින් තේරීම අපහසුය. එම නිසා ඔබේ රචනය යතුරු ලියනය (Type Setting) කර අපගෙ ඊ මේල් ලිපිනයට පමණක් යොමු කරන්න.
  • එසේ යොමු කරනා තරඟකරුවන් අතරින් ජයග්‍රාහකයින් තේරීම සිදූ කරයි. කෙසේ වෙතත් නිවසේ පරිගණක නොමැති දරුවන්ට අසාධාරණයක් නොවීමට ඔවුන්ට කොවිඩ් ව්‍යයසනය අවසන් වන තෙක් කල් ලබා දීමට තීරණය කර ඇත.
  • ඔබ විසින් යතුරු ලියනය කිරීමෙන් පසු අප වෙත එවනා රචනා අප වෙබ් අඩවියේ ඵල කිරීම සිදු කෙරේ.

පාසල.lk මඟින් පවත්වාගෙන යනු ලබන WhatsApp News Alert සේවාව, You Tube නාලිකාව හා Face Book පි‍ටුව සමඟ පහතින් සම්බන්ධ විය හැක.